සති 03ක කාලයක් නියුමෝනියාව සහ බ්‍රොන්කයිට්ස් රෝගයෙන් පීඩා විඳිමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව තිබෙනවා.
වතිකානය පවසන්නේ, උන් වහන්සේට ලබාදෙන ප්‍රතිකාර වලින් මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි.
ශුද්ධෝත්තම පාප් වහන්සේට පසුගිය සතියේ පැවති උග්‍ර ශ්වසන අපහසුතාව යම්තාක් සුව අතට හැරෙමින් පවතින බව ද වතිකාන වාතථාවල සඳහන්.
කෙසේ වෙතත් පාප් වහන්සේගේ ශ්වසන අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.
