Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 3ක ජනතාවක් මිය යා හැකි භූකම්පනයක් ගැන ජපානයෙන් අනතුරු ඇඟවීමක්

2 years ago

ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් පිහිටි ‘නන්කායි අගල’ නමින් හඳුන්වන කලාපයේ රික්ටර් මාපකයේ 9 ක පමණ භූමිකම්පාවක් සිදුවුවහොත්, ප්‍රධාන වශයෙන් සුනාමියක් සහ ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් පුද්ගලයන් 298,000 ක් දක්වා මියයනු ඇතැයි අපේක්ෂා කරන බව ජපාන රජය පවසනවා.

ඒ විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් ඔස්සේයි.

2012-2013 දී ජපාන රජයේ පෙර ප්‍රක්ෂේපණයට අනුව, මෙම කලාපයේ භූමිකම්පාවකින් මියයන සංඛ්‍යාව 323,000 ක් පමණ ලෙස ගණන් බලා ඇත.

ඒ අනුව නවතම ගණනය කිරීම් මගින් හානිය යම් ප්‍රමාණයකට අඩුවෙන් ගණනය කර තිබේ.

ඒ සඳහා භූකම්පන විරෝධී ගොඩනැගිලි සංඛ්‍යාවේ වැඩිවීම සහ සුනාමි පාලනය කිරීමේ පහසුකම් සංවර්ධනය කිරීම හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නන්කායි කලාපයේ භූමිකම්පාවෙන් යෙන් ට්‍රිලියන 292.2 ක ආර්ථික හානියක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය පෙර ඇස්තමේන්තුව වූ යෙන් ට්‍රිලියන 237.2ට වඩා ඉහළ අගයකි.