ඇමරිකානු භාණ්ඩ සඳහා 34%ක තීරු බද්දක් පනවන බව චීනය ප්‍රකාශ කර තිබේ.
අප්‍රේල් 10වනදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා දැනුම් දුන්නේය.
එයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් චීනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
