එක්සත් රාජධානිය පදනම් කරගත් සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගම සිය නිෂ්පාදනයන්වන ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට නැව්ගත කිරීම නතර කර තිබෙනවා.
විදේශීය නිෂ්පාදිත මෝටර් රථ සඳහා දැඩි තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හේතුවෙන් මෙලෙස එම මෝටර් රථ ඇමරිකාවට අපනයන කිරීම අත්හිටවූ බවයි එම සමාගම පැවසුවේ.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට ජගුවාර් ලෑන්ඩ් රෝවර් සමාගමේ වාර්ෂික නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ අපනයනය කරනු ලබන්නේ එක්සත් ජනපදයටයි.
එම සමාගම පැවසුවේ දැඩි තීරුබදු පැනවීමට දිගුකාලීන විසඳුම් සකස් කරන තෙක් කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස අපනයනය කිරීම් අත්හිටුවන බවයි.
