Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

2 years ago

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(08) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙක්.

සැකකරුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේද නඩු 21 ක් පවතින බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  ලබන 21 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසට බන්ධනගාර  අධිකාරියට නියෝග කළා.