අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.
එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අද (09) සිට චීන භාණ්ඩ සඳහා වන තීරු බද්ද 104% දක්වා ඉහළ නංවන බවයි.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
චීන නිෂ්පාදිත භාණ්ඩ සඳහා අතිරේක 50%ක බද්දක් පැනවීමේ අමෙරිකානු ජනාධිපතිගේ තර්ජනය “වැරැද්දක් මත වැරැද්දක්” ලෙස හඳුන්වන බවද චීන අමාත්‍යංශය පවසා තිබේ.
තවද තීරුබදු සඳහා වන සියලු සැලසුම් ඉවත් කරන ලෙසත් එක්සත් ජනපද – චීන වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසත් චීන වානිජ අමාත්‍යාංශය අමෙරිකානු ජනාධිපතිවරයාට දන්වා තිබේ.
