මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාලය ඊයේ (08) රාත්‍රියේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලැබූ 12 දෙනකු රෝහල් ගත කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අනතුරින් තුවාල ලැබූ හය දෙනකු මහනුවර ජාතික රෝහලට ද තවත් හය දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කළ බව පොලිසිය කියයි.
එසේ තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ පාදවල අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පේරාදෙණිය දිශාවේ සිට මහනුවරට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.
