අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින්.
මෙහි පළමු සැකකරු 32 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනෙක් පුද්ගලයා අවුරුදු 29 පන්නිපිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන whatsapp උ සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඒවා ප්‍රචාරය කරන බව තර්ජනය කරමින් රුපියල් 222,000 මුදලක් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම අපරාධ විමර්ශන ඒකකය පැමිණිල්ලක් ලැබී ඇත.
එම පැමිණිලි අනුව සිදුකරන ලද විමර්ශනයකදී එක් පුද්ගලයෙක් කහතුඩුව සහ කොළඹදී ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කරයි.
