Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් අද දුන් නියෝගය

2 years ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා සෙබළා ඩී. එන්. ඒ. පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කොට ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අද (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග කළේය.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

එම නිසා සැකකරුව යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකාර හිටපු යුද හමුදා සෙබළා මේ මස 21 දින දක්වා යළි රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි නියෝග කළේය.