Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පොලිස් නිලධාරියා පාලම මතින් ගඟට පනී

2 years ago

කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා ද පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබුණා.

මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එම තරුණිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.