Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට

2 years ago

නොච්චියාගම යාය 17 ප්‍රදේශයේදී පිය පුතු දෙපළක්ව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙම ද්විත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් සුනඛයින් යොදාගෙන ඝාතනය සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරුවන්ගේ නිවස වෙතට පොලිස් සුනඛයා දිව ගොස් තිබේ.

මීට පෙර සිදුවූ ඝාතනයට පළි ගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට ලක්වූ දෙදෙනා විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගේ පියාව ඝාතනය කර ඇති අතර ඊට පළි ගැනීමක් වශයෙන් මෙය සිදුකර තිබේ. 

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාජාංගන පොලීසිය විසින් සිදු කරනු ලබයි.