Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ඇමෙරිකානුවන් වීදි බසිති

2 years ago

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්රා මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා ඇමෙරිකානුවෝ දහස් ගණනක් නැවත වතාවක් වීදි බැස විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ඇමරිකානු විප්ලවීය යුද්ධය ආරම්භ වී 250 වැනි සංවත්සරයට සමාගාමීව මෙම විරෝධතා පවත්වා තිබෙනවා.

ප්‍රාන්ත 50ක්, විරෝධතා 50 ක්, එක් ව්‍යාපාරයක් යන අදහසින් එය “50501” ලෙස හඳුන්වා තිබිණ.

ධවල මන්දිරය ඉදිරිපිට සහ බොහෝ නගරවල ටෙස්ලා අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විරෝධ‍ය පළ කළහ.

වර්තමානයේ දේශපාලන විරෝධතා ඇමෙරිකාව තුළ බහුලව දක්නට ලැබුණත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ පළමු දින 90 තුළදී ගෙන ඇති ක්‍රියාමාර්ග ඔහුගේ ඡන්දදායකයන් සියයට 45 ක් අනුමත කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී
ඇත.