Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව නිල වශයෙන් නිවේදනය කරයි

2 years ago

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කරනවා.

උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මහා සභාව අද රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව අදාළ මහ සභාව වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

එමෙන්ම වතිකානයේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තබා තිබෙනවා.