Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීනි කොට්ටහච්චිගේ චෝදනාව හිටපු ජනපති රනිල් ප්‍රතික්ෂේප කරයි

2 years ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජනතාවට යවන ලද අලුත් අවුරුදු කෙටි පණිවුඩ සඳහා රුපියල් මිලියන 98ක් වැය වූ බවට එල්ල වන චෝදනා ඔහුගේ කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනාධිපති කාර්යාලයට අනුයුක්ත දිනුක් කොළඹගේ පවසන්නේ, පෙර ජනාධිපතිවරුන්ගේ අවුරුදු ප්‍රාර්ථනා පණිවිඩ මහජනතාවට නොමිලේ යවා ඇති බවයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ  විදුලි සංදේශ සැපයුම්කරුවන් විසින් නොමිලේ සපයන සේවාවක් බවයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩ යැවීමට රුපියල් මිලියන 98ක් වැය වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඔහු මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.