කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ ඊයේ (24) රාත්‍රියේ ඉන්දීය සහ පාකිස්තාන හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
පාකිස්තාන හමුදා පළමුව ඉන්දීය හමුදා මුරපොලවල් වෙත වෙඩි තබා ඇති අතර එමනිසා ඉන්දීය හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වුවද කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
පාකිස්ථානය විසින් ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දැක්වීමට ඊයේ තීරණය කරනු ලැබුවා.
ඒ පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ඉස්ලාමබාද් හිදී රැස් වූ අවස්ථාවේදියි.
පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමිකරමින් දකුණු කාශ්මීරයේ පහල්ගම් හිදී ඉකුත් 22 වනදා සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමෙන් පසු මේ වනවිට දෙරට අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
