Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙසැම්බර් වෙද්දි රටේ ජනාධිපති සජිත් – කබීර්

2 years ago

ලබන දෙසැම්බර් මාසය වනවිට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

යළි වරක් බලය රනිල් වික්‍රමසිංහ වෙත යාමට ඉඩ ලබා නොදෙන බවත් රට පාලනය කිරීමට සමඟි ජන බලවේගයට හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

”මම පොරොන්දු වෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා. ඇතිනේ ඒ ටික දැන් හරි.ඒක එහෙම හෙමින් යන්. ඒක නිකම් එයි. අපි ගන්න ඕනි නැහැ. කරන්න බැරි වෙනකොට ඒක දීල යයි. ගෝඨා දෙන්න යනකොට අපේ ලොක්කා ගන්න ටිකක් පරක්කු උනාම මොකක්ද වුණේ? අරය රිංගුවා, රනිල් මහත්තයා.මේපාර දෙන්නේ නැහැ එයාට එහෙම. මේපාර අපිත් බලන් ඉන්නේ,දැනුත් එයා රේඩි වෙලා ඉන්නේ සපත්තු පොලිෂ් කරගෙන හෙට වැටෙයි කියලා. මේපාර එයාට දෙන්නේ නැහැ.මේ රට අරගෙන අපිට කරන්න පුළුවන්”