ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
දිව්‍ය පුජාව මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සදහා විදේශීය නියෝජිතයින් 130 ක් පැමිණෙන බවට තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය මෙහෙය සදහා ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේ අතර පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
