Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ

2 years ago

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

100 වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ අවසන් ඉල්ලීමට අනුවයි උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ මිහිදන් කෙරුණේ.

මෙහිදී පාප් වහන්සේ ජීවත්ව සිටියදී පැළඳි දිගු සළුව ඇතුළු අයිතම කිහිපයක් ද දේහය සමග තැන්පත් කෙරුණේ සම්ප්‍රදාය අනුව යමින්.

දේහය සම්බන්ධ අවමංගල කටයුතු ශාන්ත පීතර චතුරස්‍රයේ විවෘත භූමියේදී පැවැත්වූයේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.