ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වරායේ බහාලුම් කිහිපයක් පිපිරීමෙන් මෙය සිදුවී ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.
පිපිරීමේන් වරායට දැඩි ලෙස හානි සිදුව ඇති අතර පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉරාන රේගු අධිකාරිය පවසා ඇත්තේ පිපිරීමට හේතුව අනතුරුදායක භාණ්ඩ සහ රසායනකික ද්‍රව්‍ය විය හැකි බවය.
