Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි

2 years ago

පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේ දී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බවයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබේ.

ලැබී ඇති සමස්ත පැමිණිලි 3,053න් 2,491ක් මේ වන විටත් නිරාකරණය කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.