Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ පළාත් පාලන අපේක්ෂකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු ව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම අවසන් වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා නීතිවිරෝධී ලෙස රථ වාහන පෙළපාලියක් පවත්වනු ලැබූ බවට ලද පැමිණිල්ලක් විමර්ෂනය කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.