අවසරයකින් තොරව සහ තමන් එපා කියා තිබියදීත් පුටුව ලකුණින් තරග වදින ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ රුව යොදා නගරය පුරා පෝස්ටර් අලවා ඇති බව දැනුම් දෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කොට ඇත.
සිය ලිපිය මගින් හිටපු ජනාධිපතිවරිය පෙන්වා දී ඇත්තේ එම කටයුත්ත වළක්වාලීමට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවයි.

