Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

2 years ago

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට බලය ලබාදී තිබෙන අතර එයින් තවම ගෙවී ඇත්තේ මාස 05 ක් පමණක් බවත්, තවත් මාස 55 ක කාලයක් ඉතිරි වී ඇති බව ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළා.

දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති වන බව මීට දින කිහිපයකට පෙර කබීර් හෂීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව පැවසු වසන්ත මහතා බත්තරමුල්ලේ සීලරතන හිමියන්, සජිත් දෙසැම්බර් ජනාධිපති වෙනවා නම්, තමන් ජනවාරි ජනාධිපති බවට පත්වන බව පැවසු බව කියා සිටියා.

එම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ඔවුන් කිසිඳු අවස්ථාවක ජනාධිපති ධුරයට පත් නොවනු ඇති බව යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.