මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
පළාත් පාලන මැතිවරණය ලබන 06 වනදා පැවැත්වීමට නියමිතයි.
එයට නියමිත තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් 648,490ක් සුදුසුකම් ලබා සිටියා.
