Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

1 year ago

72 වන ලෝක රූ රැජින තරගය සඳහා ලොව පුරා සිටින රූ රැජිනියන් 108 දෙනෙකු සහභාගී වී සිටියා.

ඒ අතුරින් 40 දෙනෙකු මූලික වටයේදී තෝරා ගැනුණා

එහි දෙවන වටයේදී 20 දෙනෙකු ද තුන්වන වටයේදී මහද්වීප නියෝජනය කරමින් 08 දෙනෙකු ද තෝරාගැනීමට සමත් වුණා.

මෙම සියල්ල අවසානයේදී ලෝක රූ රැජින තෝරාගැනීම සිදු කෙරුණා.

අවසානයේදී ලෝක රූ රැජින කිරුල හිමිකර ගැනීමට තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රීට හැකිවුණා.

මෙවර ලෝක රූ රැජින කිරුළ දිනූ ඔපල් සුචතා 2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලබා ඇති අතර, ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවකි.

2024 වසරේ දී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනිමින් ඇය 72 වන ලෝක රූ රැජිණ තරගය සඳහා ඉදිරිපත් වුණා.

මේ වනවිට තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින ඇය ත්‍රයිභාෂා දක්ෂතාවයකින් යුක්ත තරුණියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.