Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු කොරියාවේ නව ජනපති ලෙස ලී ජේ-මියුන්ග් තේරී පත්වෙයි

1 year ago

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් ජයග්‍රහණය කර තිබෙනවා.

දකුණු කොරියානු හිටපු ජනපතිවරයාව දෝෂාභියෝගකින් බලයෙන් පහකළ පසු පැවති ජනාධිපතිරවණයෙන් ඔහු මෙලෙස ජයගෙන තිබෙනවා.

විපක්ෂය නියෝජනය කළ ජේ-මියුං ප්‍රකාශිත ඡන්දවලින් 49.3% ක් ලබා ගත් අතර, ප්‍රධාන කොන්සර්වේටිව් තරඟකරු කිම් මූන් සූ 41.3% ක් ලබා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

රටේ සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 44.4 න් 80% කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර එය දකුණු කොරියාවේ ජනාධිපතිවරණ සඳහා වාර්තා වූ ඉහළම ඡන්ද ප්‍රතිශතය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව ජනපති ලෙස තේරී පත්වූ 60 හැවිරිදි ලී, වසර පහක කාලයක් සඳහා ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.