යුක්‍රේනය විසින් රුසියානු ගුවන් කඳවුරු වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සිදුවන බව රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා තිබෙනවා.
රුසියානු ජනපතිවරයා සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ජනපති ට්‍රම්ප් පවසන්නේ ඔහු ඉතා තදින් මෙම ප්‍රකාශය සිදුකළ බවයි.
යුක්‍රේනය විසින් ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් රුසියාවේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුරු වෙත ජූනි 01 වනදා ප්‍රහාරයක් එල්ල කළා. ඉන් රුසියානු ගුවන් හමුදාව වෙත සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න බවටයි වාර්තා වුණේ.
