Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එලෝන් මස්ක්ට දේශපාලන රැකවරණ ලබාදීමට රුසියාව සැරසෙයි

1 year ago

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුල මධ්‍යයේ රුසියාව විසින් බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක්ට දේශපාලන රැකවරණ ලබාදිය හැකි බව රුසියානු නීති සම්පාදක දිමිත්‍රි නොවිකාවෝ පවසනවා.

“මස්ක්ට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක් ඇති බව මම සිතමි, ඔහුට කිසිදු දේශපාලන රැකවරණ අවශ්‍ය නොවනු ඇත, කෙසේ වෙතත්, ඔහු එසේ කළහොත්, රුසියාවට එය ලබා දිය හැකියි.” යනුවෙන් දිමිත්‍රි නොවිකාවෝ ප්‍රවෘත්ති සකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ නව තීරු බදු පනතට එලෝන් මස්ක් විරෝධය පළ කිරීමත් සමඟ දෙදෙනා අතර යම් විරසයකයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇති බවයි.

මේ අතර සිය සමාජ මාධ්‍ය වේදිකාව වන එක්ස් හි සටහනක් තබමින් එලෝන් මස්ක් සඳහන් කළේ, තමා නොමැති නම් ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇති බවයි.

මෙවැනි තත්ත්වයන් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ව මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.