ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර අනතුරකට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 230ක් හා කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් අනතුරෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැත.
අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවීමේ රථ මේ වනවිටත් අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
