Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය ගුවන් අනතුරේ නවතම තත්ත්වය (ඡායාරූප)

1 year ago

ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’  ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර ඇත.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘AI 171’ නම් ගුවන් යානය අද (12)  ගුවන්ගත වී තත්ත්පර කිහිපයකට පසු එනම්, ඉන්දීය වේලාවෙන් ප.ව. 1.38ට පමණ මෙම අනතුර සිදු වූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබේ.

බෝයිං 787-8 වර්ගයේ යානයක් මෙම අනතුරට ලක් ඇති අතර, එහි මගීන් 230ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12ක් සිට ඇත.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර,බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්, පෘතුගාල ජාතිකයන් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙක් සිට ඇත.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබේ.

මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට යොමු කර ඇති බවත්, වෛද්‍ය ආධාර සහ සහන ආධාර එම ස්ථානයට ඉක්මනින් ලබාදීම සඳහා කටයුතු කරමින් ඇති බවයි ඉන්දියාවේ ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අනතුර සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් පවසන්නේ මෙම ඛේදනීය අනතුරට මුහුණදුන් පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බවත්, මේ මොහොතේ මූලික අරමුණ වන්නේ බලපෑමට ලක් වූ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම බවයි.