Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකුගේ දිවි බේරෙයි! පාගමනින් පැමිණ ගිලන් රථයකට ගොඩවන වීඩියෝවක් නිකුත් වෙයි! (වීඩියෝ)

1 year ago

මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවය.

එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් යානයේ ගමන් ගත් එක් අයෙකු දිවි ගලවා ගත් බව පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

ඒ එම ගුවන් යානයේ 11 A ආසනයේ ගමන්ගත් ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් කුමාර් රමේෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවේ සඳහන්.

ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබේ.

විශ්වාෂ්, සිය සහෝදරයා සමග නැවත එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති අතර ඔහු මේ වනවිට අහමදාබාද්හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි. 

ඔහුගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමග යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා” දිවි බේරාගත් විශ්වාෂ් පවසයි.