Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවේ චෝදනාවට නාමල් රාජපක්ෂගෙන් පිළිතුරු

1 year ago

රාජපක්ෂලා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය රුපියල් 10,000 කට 99 අවුරුදු බද්දකට ලබා දුන් බවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක කළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙ බව සඳහන් කර තිබෙනවා.

එම සේවා ප්‍රදේශය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට බදු දී ඇති බවයි ඔහු පවසන්නේ.

එම ආයතන දෙකම රජයට අයත් ආයතන වන අතර,  මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඔහු යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිළිබඳ විමසා මෙම කරුණු තහවුරු කරගන්නා ලෙසත් නාමල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

විවේක ගැනීම සදහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ, වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති සේවා ප්‍රදේශය රාජපක්ෂවරු විසින් අනූ නව අවුරුදු බද්දකට ලබා දී ඇත්තේ රුපියල් 10,000 ක් වැනි සුලු මුදලකට බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.