Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතලේ මහ නගර සභාවේ බලයත් මාලිමාවට! සජබ මන්ත්‍රීවරුන් වර්ජනයක!

1 year ago

මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්විය.ෙ

එහිදී මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික අශෝක අජිත් කොට්ටහච්චි මහතා අද (23) තේරී පත්විය.

නියෝජ්‍ය නගරාධිපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුබ්‍රමනියියම් මෝහන් මහතා තේරිපත්විය.

අද පැවති රහස් ඡන්දයේදි ඡන්ද 12ක් ලබා ගෙන නගරාධිපති ලෙස අශෝක අජිත් කොට්හච්චි මහතා තේරි පත් විය. අනතුරුව පැවැති විවෘත ඡන්ද විමසිමේදි ඒකමතිකව ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුඛුමනයියම් මෝහන් මහතා තේරි පත් විය.

ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටව ගොස් තිබේ.