ඉන්දීය ජනප්‍රිය දෙමළ සහ තෙළිඟු නළු ශ්‍රීකාන්ත් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
පරීක්ෂණ සඳහා යවන ලද ඔහුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය භාවිතය තහවුරු කළ බව වාර්තා වෙන නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ඔහු ජූලි 7 වැනිදා දක්වා සිරගත කර තිබෙනවා.
