Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්?

1 year ago

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජන බලවේගය තුළ නම් දෙකක් යෝජනා වී ඇති බවයි.

ඒ පසුගිය මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වූ විමල් කැටපේආරච්චි මහතා සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාය.

ජාතික ජන බලවේගයට සහය දක්වන විද්වතුන්ගේ අදහස වී ඇත්තේ එම ජාතික ජන බලවේගයට සහය දක්වන එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා පාර්ලිමේන්තුව වෙත නම් කල යුතු බවය.