Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වළල්ලාවිට බලයත් මාලිමාවට

1 year ago

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණි. 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (23) ජාතික ජන බලවේගයට හැකි වුණා.

සමස්ත මන්ත්‍රී ධුර 26කින් සමන්විත වලල්ලාවිට ප්‍රාදේශීය සභාව සඳහා සභාපති ධුරය සඳහන් නම් තුනක් යෝජනා වූ අතර ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සුනිල් අබේසිරි මහතාගේ නම යෝජනා වූ අතර, සමගි ජනබලවේගයෙන් සභාපති ධුරය සඳහා ඉන්දික මල්ලවආරච්චි මහතාගේ නම ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව පක්ෂයෙන් උදේනි අතුකෝරාල මහතාගේ නම ද යෝජනා විය.

සභාපති ධුරය තෝරා ගැනීම සඳහා පැවති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා මනාප 16 ලබාගත් අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා මනාප 5ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා හිමි වූයේ ඡන්ද තුනක් පමණි.

ඒ අනුව ජාතික ජනබලවේග අපේක්ෂක සුනිල් අබේසිරි මහතා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.