Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායම් නතු කරගනී

1 year ago

නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායම් විසින් පිහිටුවීමට අද සමත් වුණා. 

එම නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද පැවති අතර එහිදී සභාපති ධුරය සදහා ඡන්ද 09 ක් ලබාගෙන පත්වුණේ ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ තේරී පත්වු හිටපු සභාපති අමල් ප්‍රියංකරයි. 

උප සභාපතිවරයා ලෙස ඡන්ද 09 ක් ලබාගත් ස්වාධීන කණ්ඩායම් අංක එකෙන් තරග කළ කරුපප්නන් සුරේෂ්වරන් පත්වුණා.

ජාතික ජන බලවේගයෙන් සභාපතිවරයා වශයෙන් තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගෙන තිබුණි.

නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 02 මන්ත්‍රී ධූර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 2ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන්  මන්ත්‍රීධූර 1ක් වශයෙන් එම නගර සභාව සභිකයින් 15 දෙනෙකු නියෝජනය කරනු ලබයි.