හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 වැනිදා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් නිකුත් කර තිබෙනවා.
අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව ස්ථාවර නියෝග සංග්‍රහයේ 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව හදිසි රැස්වීම කැඳවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සඳහන් කළේ ඉදිරි අයවැයට අදාල අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවන බවයි.

