Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්

1 year ago

අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසනවා.

ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත්, තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත් හෙතෙම පවසනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා පටිගත කළ වීඩියෝවක් ප්‍රචාරය කරමින් ඔහු අද (26) මේ බව සඳහන් කළා.

ඉකුත් ජුනි 13 වනදා ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අලි කමේනි ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

අමෙරිකාව විසින් ඉකුත් 22වනදා B2 ප්‍රහාරක යානා යොදාගනිමින් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකට බංකර්-බස්ටර් බෝම්බ හෙළීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අමෙරිකාව විසින් එම ප්‍රහාරයෙන් තමන්ට සංඛේතාත්මක බලපෑමක් කළත්, ඉන් ඉරානයට දැනෙන බලපෑමක් සිදු නොවූ බවයි.