Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයට ඔත්තු දුන් 700කට වැඩ වරදී

1 year ago

ඉරානය තුළ දියත් කළ මෙහෙයුමකදී ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් එම පිරිස අතරින් හය දෙනෙකු දැනටමත් ඝාතනය කර ඇති අතර, ඉදිරියේදී තවත් පිරිසක් ඝාතනය කිරීමට නියමිත බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

පසුගියදා ඇති වූ යුධමය තත්ත්වයක් තුළදී වන අතර, ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය වීමත් සමග මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ආරම්භ වී සිව්වන දිනයට එළඹ ඇති නමුත් මෙම ගැටුමට තුන්වැනි පාර්ශ්වයක් ලෙස එක්වූ ඇමරිකාව සහ ඉරානය අතර පරස්පර අදහස් දැක්වීම් දිගින් දිගටම වාර්තා වෙමින් පවතී.