සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගයික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
මේ අනුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා එම කමිටුවේ සභාපති ධුරයට පත් කරනු ලැබීය.
මරික්කාර් මහතාගේ නම අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විසින් යෝජනා කරන ලදුව මන්ත්‍රී ජගත් විතාන මහතා ස්ථිර කළේය
නව සභාපතිවරයා කමිටුව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ විෂය පථයට අමාත්‍යාංශ තුනක් යටතේ ඇති ආයතන 50 ක් පමණ ඇතුළත් වන බවයි.
