සීතාවක ප්රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත්කර ගැනීමට අද (15) දිනයේදීද නොහැකි වී තිබෙනවා.
ඒ සීතාවක ප්රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී රහස් ඡන්දයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්රීවරුන් සභාවෙන් පිටව යාම හේතුවෙන්.
මේ හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාව දින නියමයක් නොමැතිව කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර ඇත.
මින් පෙරද ප්රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රැස්වූ අතර එහිදී සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට විරෝධය පළ කරමින් එම අවස්ථාවේදී ද විපක්ෂයේ මන්ත්රීවරුන් මේ සඳහා විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියේය.
