Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැහැරගැනීම්, වෙඩි තැබීම් මැද ආන්දෝලනාත්මක පුවත් රැසක් මැවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබය අල්ලයි

1 year ago

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමට සමගි ජන බලවේගයට අද (24) හැකියාව ලැබී තිබෙනවා.

මෙම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දිනයේ එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත වික්‍රමසේකර නව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

එහිදී  සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 23ක් හිමි වූ අතර ජාතික ජන බලවේග අපේක්ෂකයාට හිමි වූයේ ඡන්ද 22 ක් පමණි.