කොත්තු කඩ වැනි ව්‍යාපාර ආරම්භ කරමින් ප්රකෝටිපතිපතියන් වූ ඇතැම් පුද්ගලයන් ගැන සැක පවතින බවත්, සමාගම් පනත ඇතුළු නීතිරීති පාවිච්චි කරමින් මෙවැනි පුද්ගලයන් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇති බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.
කොත්තු ව්‍යාපාර පවත්වාගෙන යන විවිධ අය කෝටිපතියන් නොවුණත් හිටිගමන් මතු වූ කොත්තු කඩ දැමූ ඇතැම් පුද්ගලයන් ප්රකෝටිපතියන්වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවති සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද දෙවැනිවර කියවීමේ විවාදයේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් රණසිංහ මහතා,
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා, සාමාන්‍යයෙන් ලෝකයේ ආර්ථිකයේ , ලෝකයේ නිෂ්පාදිතයින් 2% – 5% ත් අතර ප්‍රමාණයක් මුදල් විශුද්ධිකරණය , මේ කලු මුදල් තමයි තියෙන්නේ කියලා. මම පුද්ගලිකව අදහස් කරනවා ශ්‍රී ලංකාවේ මම හිතනවා ඊට වඩා විශාල වශයෙන් වැඩියි. මගේ ළඟ තියෙනවා තොරතුරු මුදල් විශුද්ධිකරණයට අදාළව ශ්‍රී ලංකාව 5.28 ක අගයක් ගන්නවා. මුදල් විශුද්ධිකරණය පැත්තෙන් ගත්තොත්, අපි ඉන්නේ ඉහළ තැනක. මුදල් විශුද්ධිකරණය පැත්තෙන් ගත්තොත් ලෝකෙන් ගත්තොත් රටවල් 164කින් අපි 80 වෙනි ස්ථානයේ ඉන්නේ.
අපිට ඕනේ තරම් උදාහරණ තියෙනවා, මෙවැනි කටයුතු, මෙවැනි සිදුවීම්, අපි දන්නවා හිටපු ගමන් කොත්තු කඩයක් මතුවෙනවා. හැබැයි කොත්තු කඩ දාලා කෝටි ප්‍රකෝටිපතියෝ බිහි වෙනවා කොත්තු කඩ දාලා. මේ වගේ කඩ කරන ඕනේ තරම් අය ඉන්නවා. හැබැයි එහෙම කෝටිපතියෝ වෙලා නැහැ. ඊට පස්සේ වඩේ දාන අය ඉන්නවා. එගොල්ලො මහ කෝටිපතියෝ වෙලා තියෙනවා.
මෙවැනි මුදල් විශුද්ධිකරණ විවිධ අයථා ගනුදෙනු එහෙම නැත්නම් ත්‍රස්තවාදී කටයුතු මෙවැනි පැහැදිලිව ඉදිරිපත් කළ නොහැකි කරුණු වලින් උපයා ගත්ත මුදල් වෙනත් ක්‍රමවේද හරහා, විශේෂයෙන් ව්‍යාපාරවල යොදවලා ව්‍යාපාර හරහා සුදු කරන්න එහෙම නැත්නම් නීත්‍යානුකූල මුදල් බවට පත් කරන්න එගොලන් මේ අන පනත් පාවිච්චි කරලා තියෙනවා දිගින් දිගටම. මේ පාර්ලිමේන්තුවේ අත උස්සලා එවා අනුමත කරලා එහෙමනම් ඒවා නවත්වන්න තිබුණා. ඒක නවත්වන්න තමයි අපි රජයක් විදිහට මේ සමාගම් පනතට මෙවැනි සංශෝධන අරගෙන එන්නේ.”
