Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

1 year ago

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමන්තගේ නිවසට හානි කිරීමක් පිළිබදව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඊයේ (24) දිනයේ කැදවු අවස්ථාවේ ඔහු අධිකරණයට නොපැමිණීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් පවසා තිබුණේ ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

ඒ සම්බන්ධයෙන් තම නීතිඥයා ඉදිරියේදි අධිකරණයට දැනුම් දෙනු ඇති බවද ඔහු සඳහන් කළා.