Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් ලක්ෂ 1840 කට දී තිබූ ටෙන්ඩරයක් නව රජයේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 280 ට බස්සයි

1 year ago

වසර 13 ක් රුපියල් ලක්ෂ
1840 කට දී තිබූ ටෙන්ඩරයක්
නව රජය බලයට පත් වීමෙන් පසු
රුපියල් ලක්ෂ 280 ට බස්සා ගනී.

රියැදුර බලපත්‍ර මුද්‍රණයේ දී භාවිතා කරන මෘදුකාංග නඩත්තු කොන්තරාත්තුවට අදාල පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත් බව වරාය සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු පවසා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති ආකාරයට, අදාල කොන්තරාත්තුව වසර දහතුනක් පුරා අඛණ්ඩව ලබා දී ඇත්තේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 1840ක මිලකටයි.

විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ලබා දී තිබෙන නව ටෙන්ඩරයට අනුව අදාල පිරිවැය රුපියල් ලක්ෂ 280 දක්වා පහත දමා ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.