Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගංජා විකුණමින් සිටියදී පොහොට්ටු මන්ත්‍රී පොලීසියට කොටුවෙයි

1 year ago

ගම්පොල නගර සභාවේ පොහොට්ටු පක්ෂ නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්දික කුමාර යන අය ගංජා විකුණමින් සිටිය දී ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන තිස් වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ගංජා සහ කසිප්පු වෙළදාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ම මේ පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.