පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම තරගාවලිය නොවැම්බර් 17 සිට 29 දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
ලබන වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව සංවිධානය කරන ICC විස්සයි20 ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
තරගාවලිය ආරම්භ වන්නේ නොවැම්බර් 17 වන දින, රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී සත්කාරක පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන මුල් තරගය සමඟයි.
දෙවන තරගය නොවැම්බර් 19 වන දින එම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිතය.
