Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමරි අතපත්තු පසු කළ සුවිශේෂී කඩයිම

1 year ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ වැඩිම ලකුණුලාභිනිය වන චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 4,000 සීමාව පසු කර යෑමට අද බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තරගයේදී සමත් විය.

මෙවැනි දස්කමක් දැක්වූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාවත් ආසියාවේ 4වෙනි ක්‍රීඩිකාව ලෙසත් චමරි ඉතිහාසගත විය.

35 හැවිරිදි වියේ පසුවන චමරි මේ වනවිට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 120කි.

එහිදී ඇය ලබාගෙන ඇති අර්ධ ශතක ගණන 20ක් වන අතර ශතක ගණන 9කි.

ඇය එක්දින තරගයක ඉනිමකදී ලබා ඇති වැඩිම ලකුණු ගණන 195ක්.