Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

LPL තරගාවලිය ගැන ඇහෙන අසුබ පුවත

1 year ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය.

2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසයන් හි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව වනවිට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතුය.

ඒ අනුව කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්හි සූදානම සහතික කිරීම සඳහා පූර්ණ අවධානය යොමුකරමින් මෙලෙස LPL තරගාවලිය මෙම වසරේ නොපැවැත්වැත්වීමට තීරණය කර ඇත.